දරුවෙනි කිම මා දුක් අරගන්නේ


ලෝකය දුක් පිරුණ තැනක්
නෑ එය තුල කිසිම සැපක්
සතුට සුවය ගෙන නොමදේ
ලංකර ගත් කිසිම දෙයක්

දෙමාපියන් සිත් නොතලා
සිටිනා දරුවන් සොයලා
වෙහෙස ගන්නේ කුමටද ඔබ
එවන් දරුවො වෙති විරලා

දරුවන් ඇතිදැඩි උනදා
සැනසුම ගියෙ අප හැර දා
උන් හා තව බැ‍ඳෙනු කුමට
වෙන්වීමයි සිතට හොඳා

දරුවන් උස් මහත් උනා
උන් උන්ගේ ලොවට උනා
මා කළ පූරුවෙ පවකට
දුක පමණක් ඉතිරි උනා

පුතුන් ඇතේ ධනය ඇතේ
බාලයො ඉන් සතුටු වෙතේ
මේ කිසිවක් නොමැත අපට
දුක ‍පමණක් ඉතිරි වෙතේ

ලෝකයෙ දුක රැඳුන නිසා
මෝහය ඇත අපව වසා
ඉන් මිදෙනට හැකිනම් මට
එයම තමයි අමර සැපා

දරුවන් ගැන සිතමින්නේ
කුමටද මා දුක් ගන්නේ
නොතැවෙනු ඒ ගැන කිසි දින
උන් අප හැර දා යන්නේ

සිත් ඇත්තේ උන්ට පමණි
සිත් බිඳුනේ උන්ගෙ පමණි
රිදෙන සිතක් බි‍ඳෙන සිතක්
මව්පි‍යනට උරුම නොවිණි

 
කුමටද දරුවන් පසුපස යන්නේ
දුකමයි මා හට උන් ගෙන දුන්නේ
මා නැත කිසි දින ඉන් දුක් ගන්නේ
අප නැති දාකයි දරු සැනසෙන්නේ








No comments:

Post a Comment