හොඳ දෙමාපියෝ සහ හොඳ දරුවෝ

හොඳ දරුවෙකු සමාජයට දායාද කිරීමට පළමුවෙන්ම එම දරුවාගේ මව හොඳ මවක විය යුතුය. හොඳ මවක ලද දරුවෙකු හොඳ දරුවෙකු වේ. හොඳ දරුවකු ලද මා පියෝ සැනසුනෝ වෙති. නරක දරුවෙකු ලබන මව්පියෝ ජීවත්ව සිටියදීම නැසුනෝ වෙති. හොඳ දරුවෙකු ලෙස වැඩෙන දියණිකය පතිනියකව කුලගෙට ගිය කළ ඇය ලද සැමියාද සැනසුනේ වෙයි. නරක දියණියක ලෙස දෙමාපියන්ද නසාගෙන පතිකුලයට යන බිරිඳක ලද සැමියාද නැසුනේ වෙයි. හොඳ දියණියකට හොඳු පුතණුවෙකු ලද විට එම දෙපසම දෙමව්පියෝ සැනසුනෝ වෙති. නරක දියණියක හා බැඳුන නරක පුතණුවෙකු ලද දෙපසම දෙමව්පියෝ නැසුනෝ වෙති. හොඳ යහපත් සිතිවිලි වලින් පිරුණ මව්කුසක ලද දරුවා එම මවුකුස තුල දසමස ඉක්මවාද සිටීමට ප්‍රිය වේ. එහෙත් නරක සිතුවිළි අයහපත් චේතනා වෛරී චේතනා සහිත මවකගේ කුස ලද අවාසනාවන්ත දරුවෝ එම මව්කුස ප්‍රතික්ෂේප කරමින් අඩුමසින් බිහිවීමට යත්න දරති. දරුවෙකු අයහපත් වීමට පළමුව මවත් දෙවනුව පියාත් තෙවනුව ඔහු හෝ ඇය ජීවත්වන සමාජයත් හේතු වේ. ‍පියා කෙතරම් ගුණවත් වූවත් වෛශ්‍යාවක වූ මවක ලද දියණියද පුතණුවෝද එබඳුම වේ. මන්ද මවගේ කුසතුල සිටින විටදී මවගේ සිතිවිළි කළලයට ප්‍රේෂණය වන බැවිණි.

නරක දරුවන් ලබන දෙමාපියන්ද, නරක මව්පියන් ලබන දරුවන්ද ජීවිත කාලය පුරාවටම සැනසීමක් නොලබන්නෝය. දුකම උරුමකොට දුකෙන්ම මිය යන්නෝය.

යහපත් දරුවන්ලද මව්පියෝද, එම දරුවන් සැමියන් හා බිරින්දෑවරුන් ලෙස ලද පති පතිනියෝද,එවන් පති පතිනියන්ට දාව උපදින දරුවෝද, යළිදු එවන් දරුවන් ලද දෙමාපියෝද සැනසුනෝ වෙත්මැයි.


No comments:

Post a Comment