පුතණුවනි මගේ හද
ඔබ වේය මගේ ඇස
ඔබෙ මවත් සහ මමත්
හැර මේ ලොවේ කිසිත්
නැතේ ආදරෙ ඔබට
අපේ ආදරෙ තරම්
පිවිතුරුයි නිර්මලයි
අපේ හද සෙනෙහෙ බර
ඔබට ඇති සෙනෙහසේ
නැත ආත්මාර්ථයක්
ඔබේ සුවය සහ සැපත
අපගෙ නිති පැතීමයි
ඔබෙන් අප ලබන සැප
ඔබ සැපෙන් සිටීමයි.
සිනාසෙන විට ඔබව
නැතත් අපි ඔබේ ලඟ
ඔබ හඬනා විටදි
එක් වෙනව හඬන්නට
ඔබ ලබන යහපතට
ආසිරි ලබා දීමට
අපට ඇති අයිතියට
බධා නොකළ මැන.
No comments:
Post a Comment