දඩයක්කාරයා සහ කිඳුරා
පෙර එක් කාලයක
මරමින් වන සතුන්
නෙක
දඩයමින් දිවි රැක
ගත්තු මිනිසෙක්
විසී වනයෙක
නෙක සතුන් මරමින්
මස් පලහා කමින්
රහ මෙරය කරමින්
දිවි ගෙවූ සිය
බිරිඳ සමගින්
දිනක් මේ මිනිසා
වන ගතව දඩ පිණිසා
සතුන් දැක වනසා
ලනුව දුනු හී රැගෙන
විගසා
අරනේ සරන සඳ
දඩයම් කිසිත් නොම
ලද
රොස හෙතෙම සිත වැද
පල කළේ ඔහු මෙලෙස
ඔද තෙද
මෙම රුදුරු වනයේ
කරමි දඩයම් සතොසින්
බියෙන් වෙවුලා යයි
මා දකින වග වලසුන්
නැතේ කිසි දිනකා
මගේ එල්ලය වැරදී
මමයි හරි සමතා
දඩයමට මේ වනයේ
යමිය දඩයමටා
සතුන් සොයමින් අද මා
කෙසේ හෝ සතෙකූ
සොයා කරනෙමි දඩයම්
අඹුව සහ එක් වී
සපා මස් කැටියක්
සුරා ඔඩමක් බී
අහා කෙතරම් රසයක්
වනන්තරේ මම කොපමණ
ඇවිද්ද?
සතුන් නැත්තෙ උන්
සැඟවී ගත්තාද?
මුවෙක් තබා
මීමින්නෙක්වත් නැද්ද
ගෙදර යන්න මට
පිහිටක් නැතිවද්ද
එලියට බහින විට නිවසේ සිට උදයේ
කවුරුද පෙර මගට
මාහට හමු වූයේ
මොන විපතක්ද මා හට
මේ සිදු වූයේ
කිමද මෙමට අද දඩයම්
හමු නොවුයේ
තවම නැහැනෙ සතෙක්
මුණ ගැහුණේ, මුවෙක් තියා මීමින්නෙක්වත්. ඇත්තටම මොකාද මගෙ ඉස්සරහට මුලිච්චි
උනේ.................... ම්..................ම්.........(මුහුණට කෝප වූ පෙනුමක්) අල්ලපු ගෙදර කන්තෝරු කාරය. ඌ කන්තෝරු යන ගමන් අර හම්පඩ
මල්ලත් එල්ලගෙන. ඔව්වව්.... ඌ තමයි. නොදකින් කාලකන්ණිය. අදනම් කිසිම වගතුවක් නැති
පාටයි. මම කොච්චර නම් ඇවිද්ද?
දඩයම් යනු පිණිස එලියට
බහින සඳ
ඇය කී වදන් සවනේ ඇත
තවම වැද
මස් කිසිවක් නැතිව
යන්නේ කෙලෙස අද
සතෙකුව එලා ගමි තව
තව වලට වැද
ගෙදරින් එනකොටත්
මගෙ සොඳුර කිව්වෙ මුව මස් ටිකක් කාපු කාලයක් මතක නැහැ කියල. කොහොම හරි මුව මස්
නැත්නම් වෙන මසක් හරි අරගෙන යන්න ඕන. කැලේ පෙරලල හරි සතෙක් එලාගෙන තමයි යන්නෙ.
කැලේ ඇතුලට තව ටිකක් යන්න ඕන බලන්න.
මේ වග කිසි දිනක මා
පැමිණිලා නැත
ආ මග පවා කිසිවක්
මගෙ සිතේ නැත
මා මෙග වලාවක්
නැගෙනා ලකුණු ඇත
මා වග වලසුනට
ගොදුරක් වෙලා ඇත
සුන්දර බිරිඳ
පිළිබඳ මතකයන් ගලා
එනමුත් සිතට යා යුතු
මග වීය මුලා
දෙවියන් පවා අද මා
හට එරෙහි වෙලා
යන්නේ කෙලෙස ආපහු
මගෙ නිවස බලා
ම්..............කැලේ
මේ හරියට මම කවදාවත් ඇවිල්ල නැහැනෙ. ආකාසෙත් කළු කරනව. වහීද මන්ද? මොනව උනත් මස් නැතිව
ගෙදර යන්නත් බෑ.
දොරකඩ කිතුල් ගහේ
රා හැලියයි මගෙ ආදරියයි දෙකම මතක් වෙනකොට
දුකේ බැරුව. දඩමසක් ලැබුනනම් මොනතරම් රසවත් එකතුවක්ද. මොනව කරන්නද මගේ කරුමෙ තමයි.
අම්මෝ මහා අන්ධකාර
අහස වැඩි වෙලාවක් නොගිහින් වහිනව. වැස්සොත් මට තෙමෙන්න තමයි වෙන්නෙ.
මහගස් අඹරවමින්නේ
මහ සුලඟක් යයි හමලා
මහ වැස්සක් ඇද
හැළුනා
මහට වගේ දෝරෙ ගලා//
ඇල දොල ගංගා පිරුණා
එන මාවත් මග හැරුණා
දඩයක්කරු අනේ අපොයි
වනයේ අතරමං උණා//
ටිකෙන් ටිකම රෑ
බෝවිය
පාර සොයා ගනු බැරි
විය
මහ වැස්සට තෙමුණ
නිසා
සීතලයෙන් ගැහෙන්ට
විය//
යන එන මාවත නොදැනා
ඝන අඳුරින් ඇස්
වැහුනා
වන සතුනගෙ රුදුරු
හඬින්
ඔහුගෙ සිතට බිය
දැනුනා//
වනයෙන් එලියට ඇදෙනා
සැටියක් ගැන
සිතමින්නා
ගන අඳුරේ ඒ මේ අත
දඩයක්කරු
පියමැන්නා//
අම්මෝ........හි..හි..හි..හි..
සීතලේ මැරිල යාවි. අයියෝ.... මම කොහොමද පාර හොයා ගන්නෙ. (සීතලේ ගැහෙමින්) අනේ මගේ සොඳුරියේ
උඹ මහ වැස්සෙ තනියම කොහොම ඉන්නවදෝ. මගෙ රත්තරනේ. මට පාර හොයා ගන්න බැරිව කැලේ
සත්තු කාලා මැරිල ගියොත්. අනේ මගේ පනේ උඹව දාලා මට යන්න බැරියෝ..
(ඈතින් කලා මැදිරි
එලියක් බඳු ආලෝකයක් ගස් අතරින් පෙනේ)
ඈතින් අර පෙනෙන්නේ
ගිනි මැලයක්දෝ
මා මෙන් අතරමං
වූවෙක් එහි වෙත්දෝ
සීතෙන් ගැහෙන මට එය
මායාවක්දේ
සාතන් බඳු යකෙකුවත්
කැලයේ ඇත්දෝ
අර ඈත ගිනි
එළියක්ද. හොඳට බලන්න ඕන ( ඇස් පිස දමා බලයි) කලා මැදිරි එලියක්ද මන්ද.. නෑ නෑ ගිනි
මැලයක් තමයි. මං වගේ අතරමං වෙච්චි දඩයක්කාරයෙක්ද කොහෙද යන්න ඕනි බලන්න.
(දඩයක්කරු සීරුවෙන්
ගස් වලට මුවා වෙමින් ගිනි එලිය පෙනෙන දෙසට හිමි හිමින් ගමන් කරයි) ..
මේ සීතලට මා කැලයෙම
මිය යාවී
මා ගේ සිරුර සතුනට
ආහර වේවී
මා වැනි කෙනෙකු
සිටියොත් හෙම එතනට වී
මා හට උනුසුමක්
ලබනට හැකි වේවී
තෙමෙමින් සිටිනු
බැහැ මේ මුළු රෑ තිස්සේ
මැරුණත් කමෙක් නැහැ
උනුසුම ලද පස්සේ
යමි යමි ඈත ගිනි
මැලයට ගස් අස්සේ
සිතමින් ඔහු ගියා
එතනට මහ වැස්සේ
(සීතලේ වෙවුලමින්.)
අම්මෝ හීතලේ බැරියෝ.. වැස්ස මදිවට හිමත් වැටෙනව අම්මේ. මේ හීතලෙන්ම මාව මැරිල
යාවි. අනේ මගේ පනේ. උඹ දාල යන්නනම් මට බැරියෝ... දැන්නම් ගිනි මැලේ හොඳට පේනව.
දුවල යන්න හිතයි. හීතල යන්න ගින්දර ටිකක් තපින්න. ඒත්.... හොරුද මංකොල්ල කාරයොද,
නැත්නම් කැලේ ඉන්න යකෙක්ද දන්නෙ නැහැනේ ටිකක් විපරම් කරල බලලම යනව. (ගසකට මුවා වී
නිරීක්ෂණය කරයි)
කින්නරයෙක් වනේ එකලව
දිවි ගෙවනා
මන්දිරයක් කුඩාවට
ඉදි කර තිබුනා
අන්දරයක් විලස
සුරඟන පුවතකිනා
සුන්දර නිවහනක් ගිනි
එලියට පෙනුනා
ම්...ම්... පුංචි
ගෙයක්. හරිම අපූරුයි. කාගෙද හොඳට විපරම් කරල මිසක් යන්නනම් හොඳ නෑ.
අන්න කවුද එලියට
ආවා. ම් .. ඒ කවුද. මනුස්සයෙක් නම් වෙන්න බෑ. හරියට මොණරෙක් වගේ. මොණරු කවද්ද
ගෙවල්වල හිටියෙ. කොහොම උනත් හීතලේ මැරිල යනවට වැඩිය යකෙක් උනත් ඒකගෙ අතින් මැරෙන
එක සැපයි. ඒ හින්ද ඕන එකක් වෙච්චදෙන් යනව බලන්න. (නිවස අසලට පැමිණ නැවත ගසකට මුවා
වී බලයි)
අප්පුච්චියේ මේ වගේ
පුදුමයක් මම කවදාවත් දැකල නැහැනේ. යට කෑල්ල මොණරෙකු වගෙයි. උඩ කෑල්ල මනුස්සයෙක්
වගෙයි. මේ මොන සතෙක්ද ? මොණර පිහාටු වලින් හදපු ඇඳුමක්ද. නෑ නෑ අර කකුල් එහෙමත් මොණරෙකුගෙ
වගේමයි.
හරිම අහින්සක පාට
මූණක්. ම්..ම්.. මම කථා වල අහල තිබුණ කිඳුරෙක්ද. ඔව්මයි. මේනම් කිඳුරෙක්ම තමයි. මම
හිතන් හිටියෙ කිඳුරො ඉන්නෙ පොත් වල විතරයි කියල. බලමු ටිකක් කථා කරල.
කවුද මේ ගෙදර
ඉන්නෙ. මම මේ කැලේ අතරමං වෙච්චි කෙනෙක් මට උදව් කරනවදෝ. මාව සීතලේම මැරිල යාවි.
අනේ මට ගින්දර ටිකක් තපින්න දෙන්න..
කිඳුරා බියවේ. නිවස
තුලට දුවයි. දඩයක්කරුගේ අඳෝනාවට කන් දේ. කිඳුරා සිතයි. මම සිතාගෙන හිටියෙ කවදාවත්
මනුස්සයෙකුට හමු නොවී හැංගිලම ඉන්න. ඒත් මේ මනුස්සය අතරමං වෙලා. මේ තියන සීතලේ
හැටියට මිනිහ මැරේවි. පව්. ගෙට කථා කරන්න ඕන.
මේ ඔහේ කවුද. මොනවද
මේ කැලේ කරන්නනෙ. ඔතන ඉන්නෙ නැතිව ගෙට එන්න. ඇවිත් මේ ගිනි මැලේ ලඟින් වාඩි වෙන්න.
(දඩයක්කාරයා බියෙන්
මෙන් හෙමින් හෙමින් ගිනි මැලය ලඟට යයි. ටිකක් වටපිට බලා ගිනිමැලය ලඟින්වාඩි වී
ගිනි තපී.
කිඳුරා :- ඇයි ඔබ
මේ මහ කැලේට ආවේ.
දඩයක්කාරයා
:-(අභිනයෙන්) තමාට සිදු වූ කරදරය කිඳුරාට පවසන අයුරු නිරූපනය කරයි.
කිඳුරා.:- ඔබට
මහන්සියයි, බඩගින්නයි දෙකම ඇති. මම සුප් එකක් හදා දෙන්නම් බොන්න.
(දඩයක්කරු ගිනි
තපින ගමන් අත්දෙක එකට අතුල්ලා ඊට සිය මුඛයෙන් හුස්ම පිඹියි.)
කිඳුරා:
(පුදුමයෙන්) ඇයි ඔබ ඔබේ අත් දෙකට වරින්වර පිඹින්නෙ.
දඩයක්කාරයා.:- ඒ
මගේ අත් දෙක් උනුසුම් කරගන්න.
(දඩයක්කාරයා නැවත
ගිනිමලයට පිඹියි. එය දකින කිඳරා නැවත දඩයක්කරු විමසයි.
කිඳුරා:- ඇයි ඔබ
ගිනිමැලයට පිඹින්නෙ.
දඩයක්කාරයා :- ඒ
ගින්දර දල්වන්න. නිවෙන ගිනිමැලය ආයෙත් පත්තු කරන්න.
(කිඳුරා හිසවනා එය
සිතට ගනී)
(කිඳුරා ස්වල්ප
වේලාවකින් උනු උනුවේ දුම් දමන සුප් බඳුනක්ද ඇතිව දඩයක්කාරයා සමීපයට පැමිණේ.
සුප් බඳුන ඔහු
දඩයක්කාරයාට පිළිගන්වයි.
සුප් බඳුන අතට ගත්
දඩයක්කාරයා ඊට පිඹියි. ඒ දකින කිඳුරා :-
ඇයි ඔබ සුප් භාජනයට
පිඹින්නෙ.
දඩයක්කරු.:- ඒ සුප්
එක නිවාගන්න.
කිඳුරා හිස වනා
නිවස තුලට යයි. දඩයක්කරුට නිදා ගැනීමට ඇඳක් සූදානම් කර නිදා ගැනීමට එන ලෙස
දඩයක්කරුට ආරාධනා කරයි.
මන්ෂ්‍යාණනි, එන්න
මේ ඇදෙන් නිදාගන්න. මෙතන ඔබට අවශ්‍ය උනුසුම තියනවා.
දඩයක්කරු ඇඳට
පැමිණේ
ඇත්තමයි. මට කැලේ
ඇවිදල පුදුම මහන්සියක් තියෙන්නෙ. මේ කුටියේ හොඳට උනුසුමත් තියෙනවා. (ආලෝකය ලබා
දීමට කාමරයේ දල්වා ඇති පන්දම අතට ගෙන) මේක නිවන්නද නැත්නම් මට නින්ද යන්නෙ නෑ.
කිඳුරා: ප්‍රශ්නයක්
නෑ නිවන්න.
දඩයක්කරු එම පන්දමට
සිය කටින් පිඹ නිවා දමයි.
කිඳුරා: (විශ්මිතව)
ඔබ ඒක කළේ කොහොමද. මමනම් පන්දම නිවන්නෙ වතුර දමලා.
දඩයක්කරු: අයියෝ මේ
පන්දම කටින් පිඹල නිවන්න පුළුවන්.
(කිඳුරා තමාටම) මේ
මිනිස්සු කියන සත්තුන්ගෙ කට මහ පුදුම එකක් නෙ. වෙලාවකට ඒකෙන් උනුසුම ලබා ගන්න
පිඹිනවා , තවත් වෙලාවකට උනුසුම නැතිකර ගන්න පිඹිනවා. වෙලාවකට ගින්දර දල්වන්න
පිඹිනවා, තවත් වෙලාවකට ගින්දර නිවන්න පිඹිනවා. ඒකනම් දෙවියන්ගෙ හරි අපූරු මැවීමක්.
විටෙක උනුසුම් කරණ
සැනෙන් සිසිලනය දෙන
විටෙක ගිනි අවුළුවන
සැනෙන් ගිනි නිවාලන
මිනිස් කට පුදුමයකි
මිනිස් කට පුදුමයකි
හරි භයානක දෙයකි
හරි භයානක දෙයකි
මෙබඳ අයගෙන් දුරුව
සිටීමයි අපට ගුණ
මිනිස් වගගෙන්
දුරුව
සිටීමයි කළ යුතුම.
කිඳුරා කැලයේ ඈතින්
ඈතට පලා යයි.
(ඊසොප්ගේ උපමා
කථාවක් ඇසුරෙනි)
No comments:
Post a Comment