නිරුවත හා ශෘංගාරය

කාන්තාවක‍ගේ සුන්දරත්වය රැඳී ඇත්තේ ඇයගේ නිරුවත තුළම නොවේ. කාන්තා නිරුවත සුන්දරව ඉදිරිපත් කළ හැක. චිත්‍ර ශිල්පියෙකු දකින සුන්දරත්වයෙන් කාන්තාවක කෙරෙහි ඇතිවන්නේ ඍංගාරාත්මක ආකර්ෂණයක්. කාන්තා නිරුවත ඉදිරිපත් කරන කෝණයෙන් එම සුන්දර බව අත්විඳිය හැකියි.

ඒ සරාගී බව සෑම කාන්තාවක් තුලම ඇත. ඇය රූපත් බව හෝ විරූපී බව ඊට අදාල නොවේ ඇස දකින ආකාරයෙන් හා මනස එය ලබාගන්නා සංවේදනාවෙන් රූපී අරූපී බව තීරණය වේ. මා රූමත්ව දකින රුව තවත් අයෙකුට විරූපී විය හැක. මනස රූපය ලබාගන්නා හා ඒ පිළිබඳව ඇති කරගන්නා ආකල්පයන් මත එය තීරණය වේ.

ලොව පුරුෂයා දකින ලක්ෂණම දසුන නග්න ස්ත්‍රී රුවයි. ඒ නග්නත්වය සුන්දරව ඉදිරිපත් කරන තාක් පමණි. ලිංගික ක්‍රියාවලියද කලාවකි. එය සුන්දරම කලාවකි. කාන්තාව සියුමැලි පුෂ්පයකි. එම පුෂ්පය කලාත්මකව පුබුදු කළ යුතුය. ඒ පුබුදු කිරීම් තුලින් පුරුෂයාද වින්දනිය ආශ්වාදයක් ලබා ගනී. ලිංගික ක්‍රියාවලියේදී පුරුෂයා වඩාත් සතුටු වන්නේ ස්ත්‍රියගේ තෘප්තිය මතිනි. පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ස්වයංව ලිංගිකව තෘප්තිමත් විය හැක. එහෙත් අනෙකා තෘප්තිමත් කිරීම කලාවකි. ප්‍රගුණ කළ යුතු කලාවකි. ඒ කලාව නොදන්නා ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම සිය ජීවිතයේ සෞන්දර්යය අහිමි කර ගනී.

ස්ත්‍රියකගේ පුරුෂයෙකුගේ නග්නත්වය ජුගුප්සාජනක ලෙසද ප්‍රදර්ශනය කළ හැක. ඒ තුළ ඇත්තේ අසංවර හා අසංවිධිත ලිංගිකත්ව ප්‍රදර්ශනයකි. සංවර හා සංවිධිත නග්නත්වය කලාත්මක ඍංගාරාත්මක වූවත් අසංවර හා අසංවිධිත නග්නත්වය සිත් තුල ඇති කරනුයේ ජුගුප්සාවයි. එම ජුගුප්සාව ලිංගික ආශාවන් නැතිකරයි. එම ආශාවන් ඇතිවන්නේ සුන්දර ළලනා නග්නත්වය හමුවේ මිස අසංවර අසංවිධිත හා ජුගුප්සා ජනක ලිංග ප්‍රදර්ශනයන් හමුවේ නොවේ. සංවර සංවිධිත නගනත්වයේ ප්‍රදර්ශනයත් අසංවර අසංවිධිත හා ජුගුප්සාජනක ලිංග ප්‍රදර්ශනයත් වෙන්කර හඳුනා ගන්න. ඔබ කවුරුන් වූවත් ලිංගිකත්වයද සංවරව පරිහරණය කරන්න. ජීවිතය තෘප්තිමත් වනුයේ එවිටයි. නැතිනම් මානසික ව්‍යාධියකින් පෙලෙන ලිංගික බෙලහීනත්වයෙන් යුතු රෝගියෙකු බවට පත් වේවි.

අවධාරනය කරමි. ලිංගික ක්‍රියාවලිය යනු කලාත්මක ක්‍රීඩාවකි. එම ක්‍රීඩාවේදී ස්ත්‍රියත් පුරුෂයාත් දෙදෙනාම ජය ගත යුතුය. ඒ සඳහා දෙදෙනාම ඒකාත්මීව කැපවිය යුතුය. ලෝකය සුන්දර තැනක් වන්නේ එවිටයි.


No comments:

Post a Comment