කැඩුන බිඳුන ඔරු කඳ දෙස
දුකින් ඇයිද තව බලන්නෙ
අළුතින් සෑදූ ඔරුවක්
ඇත ඔබ අසලට පැද විත්
අළුත් ඔරුව දෙස නොබලා
පැරණි ඔරුව ගැනම සිතා
හඬා වැටෙන්නේ ඇයි ඔබ
තොටුපොළ අයිනේ
අළුතින් මා ගෙනා ඔරුව
එගොඩට යන්නට සවිමත්
එන්න සොඳුර ඒ ඔරුවට
පැදගෙන යමු අප එගොඩට
ගන්න හබල ඔබේ අතට
මගෙ දිවි ගමනේ සවියට
ඒ මහ සයුරේ එතෙරට
යමු අප දෙදෙනා
No comments:
Post a Comment