මව බිරිඳ


මව තරම් දරුවන් වෙනුවෙන් කැපවුන කෙනෙකු විශ්වයේම තවත් නැහැ. මවකගේ ඇති සෙනෙහස නිරාමිස එකක්. මවක් දරුවෙකුට දක්වන ආදරයෙන් පෙරලා මව කිසිත් අපේක්ෂා කරන්නේ නැහැ. ඇය කරන්නේ දරුවන් වෙනුවෙන් මහා පරිත්‍යාගයක්. මව ඔබේ මිතුරෙකුද නොවේ. ඇය ඔබට හමුවන්නේ ඔබ බිහිවීමටත් පෙර. මිතුරා අපට හමුවන්නේ පසුව. මවකගේ සෙනෙහස මහ මෙර වගේ කිසිවකට සමාන කළ නොහැකියි. බිරිඳක් ඔබට හමුවන්නේද ඔබ බිහිවී මවගේ සෙනෙහසින් ඇතිදැඩි වී යෞවනත්වයට එළඹි පසුවයි. මිතුරනුත් එසේමයි.  මව ඔබේ නිර්මාණ කරුවායි. මව විසින් කරන ලද නිර්මාණයට ඇය ඇත්තටම ආදරෙයි. ඒ නිර්මාණ අතර ඇති විශිෂ්ඨතම හා සිත්ගත්ම නිර්මාණ වලට ඇය වැඩියෙන් ආදරය කරනු ඇත. එය ලෝක ස්වභාවයයි. බිරිඳ ඔබට ඔබේ ජීවිතයේ අතර මගදී හමුවන කෙනෙක්. එබඳු අයෙකු හා ඔබ අතර ඇති සබැඳියාව නිර්මාණ කරුවා හා නිර්මාණය අතර ඇති සබැඳියාවට වඩා වෙනස්. අතරමගදී හමුවන ඇය ඔබ වෙනුවෙන් කරන පරිත්‍යාග කිසිදු මිතුරෙකුගෙන් අපේක්ෂා කළ නොහැක. ඔබේ විපත නොපතන, ඔබේ සැපතම පතන, ඔබ විශ්වාස කරන, ඔබට විටෙක මවක්, වරෙක සොයුරියක්, මිතුරියක්, හෙදියක්, දාසියක් මේ සැමට වඩා දයාබර බිරිඳක් වන්නේ එකම එක් තැනැත්තියක පමණි. ඒ ඔබට සැබවින්ම ආදරය කරන බිරිඳක් සිටීනම් ඇයයි. ඔබට අවංකවම ආදරය කරණ ඔබේ ආදරයෙන් සංතෘප්තිමත් වන සැමියෙකු සිටීනම් ඔහු ඔබගේ ජීවන සහකරුවා වේ. ඔහු කිසිදු විටෙක ඔබගෙන් වෙන්වීම නොපතයි. ඔබගේ ගෞරවය ඔහු ඉතාමත් ඉහලින් ආරක්ෂා කරයි. ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් සිය ජීවිතය වුවද දීමට ඔහු සූදානම්. ඔහු ඔබට සිටින අවංකම මිතුරාවේ. විටෙක දයාබර පියෙකු, සහෝදරයෙකු, ආරක්ෂකයෙකු, මේ සියල්ලටම වඩා ඔබගේ ආදරණීය සැමියකු වන්නේ ඔබට අවංකවම ආදරය කරන ඔබත් අවංකවම ආදරය කරන සැමියෙකු සිටීනම් ඔහු පමණි. සිතන්න. ඔබගේ ජීවිත සාර්ථක කරගත හැක්කේ ඔබට ඉතාමත් යහපත් දූ දරුවන් හදා වඩා සමාජයට දිය හැක්කේ එබඳු සෙනෙහසකින් ඔබ දෙපල ජීවිත ගෙවන්නේනම් පමණි

No comments:

Post a Comment